Tuesday, 22 March 2011
සිහිනයේ පාවෙලා - 06 කොටස
පාසල් වාරය පටන් ගත්තම අපිට අවුරුදු ආවා වගේ. නංගිලා මට නමකුත් පටබැඳලා. එයාලා මට කියන්නේ ලව්ලි කැට් කියලා. මම ඒක දැනගත්තේ අවුරුදු ගාණකට පස්සේ.
Thursday, 17 March 2011
සිහිනයේ පාවෙලා - 05 කොටස
ඉස්කෝලේ ඇරිලා එන නංගිලා හැමදාම අපිව දකිනවා. අපි හැමදාම එයාලව දකිනව. හිනා නොවුනත්, කථා නොකලත් අපි අතරේ මොකක්දෝ ලොකු බැඳීමක් තිබුනා. නිවාඩු කාලයට ටවුම පාලූ සෙහොන් පිටිටනියක් වගෙයි මට දැනුනේ. නිවාඩු කාලය දුක්බර දිග කාලයක් වුනා.
Wednesday, 16 March 2011
සිහිනයේ පාවෙලා - 04 කොටස
මම ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ ස්කූල් ඇරෙන වෙලාවට ටවුන් එකේ බස් ස්ටෑන්ඞ් එකට යන්න පුරුදු වුනා. යාලූවොත් ගොඩක් ආවා. අපි ඒ කාලේ ස්ටෑන්ඞ් එකට ගියේ ගොල්ෆේස් යන්නා වගේ. ස්කූල් ළමයි නිසා ටවුමම එළිය වැටුනා. එ් එළිය අපේ ජීවිත වලටත් වැටුනා.
Tuesday, 15 March 2011
සිහිනයේ පාවෙලා - 03 කොටස
අපිට පහළ පංතියක හිටපු සඳමාලි නංගි නිතරම මාත් එක්ක හිනාවෙන්න උත්සාහ ගත්තා. එයා මාත් එක්ක හිනා වෙන හැම වෙලාවකම මම අහක බලා ගත්තා. ඒ සිදුවීම මතක් වෙද්දි ජීවිතේ ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා. එයාට ආදරය කළා නම් හොඳයි කියලා දැන් හිතෙනවා.
Monday, 14 March 2011
සිහිනයේ පාවෙලා - 02 කොටස
අපේ ඉස්කෝලෙ තිබුණ හැම ප‍්‍රසංගයකදිම මට සිංදුවක් කියන්න ලැබෙනවා. ඉස්කෝලෙ අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා මට හරිම ආදරෙයි.
මම තමයි ඉස්කෝලෙ ජනප‍්‍රියම තරුව.
මම තමයි ඉස්කෝලෙ ජනප‍්‍රියම තරුව.
සිහිනයේ පාවෙලා - 01 කොටස
මම තමයි ඉස්කෝලෙ හිටපු හොඳම ගායකයා. ඉස්කෝලෙ සංගීත සර් වෙනත් පංති වලට සංගීතය උගන්වන කොටත්, මාව සංගීත කාමරයට ගෙන්වලා මම ලවා රාග තාල කියවනවා. ඊට පස්සෙ සර් මෙහෙම කිව්වා.
”දැක්කද? කවදහරි දවසක සිංදු කියනවා අමරදේවලට කනේ ඇඟිල්ල ගහගන්න”
”දැක්කද? කවදහරි දවසක සිංදු කියනවා අමරදේවලට කනේ ඇඟිල්ල ගහගන්න”
මෙරිල් පෙරේරාගේ නවතම ආදර කතාව ළඟදීම බලාපොරොත්තු වන්න.
ආදරය පාරමිතාවක් කර ගත්......
ප්‍රේමය ආත්මය කර ගත්.....
සදාදරණීය සිහිනය......
සිහිනයේ පාවෙලා
ප්‍රේමය ආත්මය කර ගත්.....
සදාදරණීය සිහිනය......
සිහිනයේ පාවෙලා
Subscribe to:
Posts (Atom)